|
|
| mqj;a
|
| |
|
|
|
| සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මගීන්, ගිලන් රථ සහ අනෙකුත් වාහන සඳහා පූර්ණ රක්ෂණ ආවරණයක් සඳහා ලංසු කැඳවීම |
|
|
වයඹ පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව (NWP), පහත දැක්වෙන වාහන වර්ග සඳහා විස්තීර්ණ රක්‍ෂණ ආවරණයක් ලබාදීම සඳහා සුදුසුකම් ලත් සහ පිළිගත් රක්‍ෂණ සපයන්නන්ගෙන් මුද්‍රා තැබූ ලංසු කැඳවයි.
මගී වාහන
ගිලන් රථ
වෙනත් දෙපාර්තමේන්තු වාහන
2025 ජනවාරි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා රක්ෂණ ආවරණය අවශ්‍ය වේ.
Visit > Information > Tenders & Advertisements |
|
|
| |
|
|
|
| ආබාධ සහිත තරුණ පුද්ගලයින් සඳහා වූ මානසික හා ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය වැඩසටහන |
|
|
ආබාධ සහිත තරුණ ප්‍රජාවේ මානසික සෞඛ්‍ය හා ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ඉතාමත් අඩුවෙනි. මෙම අවශ්‍යතාව සපුරනු වස් ආබාධිත වූවන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. කේ. සම්පත් ඉන්දික කුමාර මහතාගේ මග පෙන්වීම යටතේ 2021 මාර්තු මස 23 දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.
ආබාධ සහිත වූවන් වෙනුවෙන් සෞඛ්‍ය අංශය මගින් ලබා දෙන සේවාවන් පිළිබඳ ඔවුන්ගේ අදහස් හා ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීමටත් මෙහි දී හැකි වූ අතර මෙය ඉදිරි සැලසුම් සඳහා මහඟු පිටිවහලක් වනු ඇත. මෙම වැඩසටහන සඳහා මතු සඳහන් නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලැබිණ.
1. වෛද්‍ය ඉන්දික පතිරාජ මයා, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ - පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
2. වෛද්‍ය නිලන්තා බාලසූරිය මිය, මානසික රෝග විශේෂඥ වෛද්‍ය - මූලික රෝහල පොල්පිතිගම
3. වෛද්‍ය ශ්‍යාමා සෝමවර්ධන මිය, ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය - පළාත් මහ රෝහල කුරුණෑගල
4. ජී. ඒ. කිත්සිරි මයා, අතිරේක දිස්ත්‍රික් ලේකම් - කුරුණෑගල
5. ඩබ්. එම්. අමරතිලක බණ්ඩා මයා, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි - කුරුණෑගල
6. සුජාතා මිය, සංඥා භාෂා පරිවර්තක - වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව |
|
|
|